
උත්සව සමයට කහ බතක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් 500g
ලොකු ලූනු ගෙඩියක්
කරදමුංගු පහක්
කරාබුනැටි පහක්
කුරුදු කෑල්ලක්
රම්පේ
කරපිංචා
බටර්/මාගරින් මේස හැදි 4
දියකර හා මිටිකිරි කලවමේ කෝප්ප 4
කහ තේ හැදි 1
උම්මලකඩ තේ හැදි 1
අවශ්‍ය පමණට ලුණු
මුද්දරස්පලම්
කජු
ඉගුරු
සුදුලූණු
සාදාගන්න ආකාරය:
භාජනයක් ලිපේ තබාගෙන බටර් දමා දිය වීගෙන එනවිට හීනියට කපා ගත් ඉගුරු සුදුලූණු හා හීනියට ලියා ගත් ලූණු ටික දමා රන්වන් පැහැ වන තෙක් හොදින් කලවම් කරගන්න.
ලිපේ ගින්දර අඩු කර රම්පේ කරපිංචා දාගන්න.
උම්මලකඩ කහ හා කුරුදු කෑල්ලක් දමා හොදින් කලවම් කර හාල් ටික එකතු කර ගින්දර ටිකක් වැඩි කර නැවතත් හොදින් කලවම් කරගන්න.
විනාඩි 5 පමණ බත උයා ගන්න.
ඉන්පසු කිරි කෝප්ප 3 එකතු කරන්න.
දැන් ලුණු තේ හැදි එකහමාරක් දමා කරදමුංගු කරාබුනැටි ටික දමන්න.
පොල්කිරි හොඳින් උතුරද්දී ගින්දර අඩු කර ගන්න.
පියනෙන් වසා විනාඩි 7-8 පමණ බත ඉදෙන්නට තබන්න.
බත ඉඳුණු පසු හොඳින් කලවම් කරන්න ඉතුරු කිරි කෝප්ප 1 දමා හොදින් කලවම් කරගන්න.
අඩුම ගින්දරේ තියාගනිමින් බත කෑමට ගන්නා තෙක් වසා තබන්න.
ඉන්පසු හොදින් කලවම් කර මුද්දරස්පලම් හා කජු ටිකක් දමා සරසා ගන්න.



Post a Comment