පොලොස් කරියක් සාදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා ප්‍රමාණයේ පොලොස් ගෙඩි 01
උකු පොල්කිරි 150ml
මිරිස් කුඩු මේස හැඳි 1 ½
කහ කුඩු තේ හැඳි ½
ගම්මිරිස් තේ හැඳි 01
බැදගත් තුනපහ කුඩු මේස හැඳි 01
ඉඟුරු තේ හැඳි 01
අබ ඇට තේ හැඳි 01
සුදු ලූණු තේ හැඳි 01
රතු ළූණු බික් 5ක්
කරපිංචා කොළ ( අවශ්‍ය ප්‍රමාණයට)
අමු මිරිස් කරල් 02
රම්පෙ කොලයක්
ලුණු රස අනුව
ගොරකා බික් 01
සාදන ආකාරය
පොලොස් සුද්ද කර සෝදා කොටු හැඩයට කපාගන්න
ලුණු කුඩු ටිකක් වතුර ප්‍රමාණයකට දමා පොලොස් කෑලි එකතු කර තම්බා ගන්න.
ගොරකා කැබලි කිහිපය හොදට නටන උණුවතුර දමා මිනිත්තු 20 ක් පෙඟෙන්නට හැර ගලේ අඹරා ගෙන පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න.
ඉගුරු සුදුලූනු ගම්මිරිස් හොඳින් තළා ඉහත ගොරකා මිශ්‍රණයට එකතු කරන්න.
තෙල් ටිකක් ලිප තබා එයට අබ ඇට දමා පුපුරන විට ලුණු එකතු කරන්න.
හැඳි ගාමින් සුළු වේලාවක් තියන්න.
මෙයට කරපිංචා කොළ රම්පේ කොළ අමු මිරිස් එකතු කරන්න.
ඉන්පසු ඉහත අප සාදාගත් ගොරකා මිශ්‍රණය එකතු කරමින් මිනිත්තුවක් හැඳිගාන්න.
මෙයට කහ කුඩු මිරිස් කුඩු බැදගත් තුනපහ කුඩු එකතු කරන්න.
තම්බාගත් පොලොස් කැබලි වතුර ස්වල්පයක් සමග ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
මිනිත්තු 5ක් පමණ හොඳින් හැඳි ගාන්න.
පොල්




Post a Comment